***
දුම්රියට යටවී පුද්ගලයකු මියයයි. පොලිසිය විමසීම් සිදුකර මෙය සියදිවි හානිකරගැනීමක් ලෙස ප්‍රකාශ කරයි. ඉක්මනින් අවසන් කටයුතු සිදුකර නිශ්ශබ්දව සිටින ලෙස මියගිය අයගේ ඥාතීන්හට පොලිසිය බලපෑම් කර ඇතැයි රාවයක් පැතිර යයි.
දින කිහිපයකට පසු ජංගම දුරකථනයකින් පටිගත කළ විඩියෝ දර්ශණයක් නිර්නාමිකව අන්තර්ජාලයට නිකුත්වේ. එහි පෙනෙන්නේ මිනිසුන් තිදෙනෙකු අදාල පුද්ගලයා දුම්රිය පීලි වෙත ඇදගෙන ගොස්, නැඟිටගැනීමට නොහැකිවනසේ පහරදී දුම්රිය වංගුවකින් මතුවීමට මොහොතකට පෙර පීලි මතට ඇදදමා නික්මයන ආකාරයයි. විලාප තබමින් සිටින පුද්ගලයා, තිරිංග යෙදීමට පෙර දුම්රිය එන්ජිමට යටවී මියයයි. පහරදීම සිදුකල අයගෙන් දෙදෙනකු සිවිල් ඇඳුමෙන් සිටි පොලිස් නිළධාරීන් බව හඳුනාගැනේ.
එම පුද්ගලයාම දින කිහිපයකට පෙර ප්‍රදේශයේ මන්ත්‍රී හට කුණු බිත්තරයකින් පහරදී පරුෂ වචනයෙන් බැණවැදුණු බව ඇසින් දුටු කිහිපදෙනෙකු පවසති. ඔහු යම් මානසික රෝගයකින් පෙළුනු බවද හෙලිවේ.
මෙය ආණ්ඩුව හා එහි ප්‍රබල මන්ත්‍රීවරයකු අපහසුතාවයට පත්කිරීම සඳහා සැලසුම් කළ කුමන්ත්‍රණයක් බවත්, මෙවැනි අසථ්‍ය කථා පතුරුවන්නන් හට දැඩි දඬුවම් පමුණුවන බවත් මෑතකදී ස්ථාපිත කල 'මාධ්‍ය පාලක අධිකාරිය' පවසයි. විඩියෝව ව්‍යාජ එකක් බව රජයේ විශේෂඥයකු ප්‍රකාශකරයි.
එහෙත් ටික දිනකට පසු විඩියෝවේ කැමරා කෝණය ආශ්‍රිත කරගනිමින් රහස් පොලිසියේ නිලධාරීන් අසල ඇති තට්ටු නිවාසයක නිවැසියන් ප්‍රශ්ණ කරගෙන යයි. ඉන් සති කිහිපයකට පසු, එහි පදිංචිව සිටි තරුණයකු අතුරුදන් වන අතර ඉන් පසු ඔහු දකින්නට හෝ අසන්නට නොලැබේ.
බැණවැදීමේ සිද්ධිය ඇසින් දුටු යැයි කියන කිහිපදෙනකු හා පුවත්පත් වාර්තාකරුන්වන් කිහිපදෙනකු රිමාන්ඩ් භාරයට ගැනේ. ටික දිනකින් නිදහස් වන මේ සියළුදෙනාම, කරුනු නොදැන වැරදි ආරංචි පැතිරවූ බව පිළිගනිති.
No comments:
Post a Comment