***
ඔබගේ ගිණුමෙන් මුදල් ලබාගැනීම සඳහා ඔබ බැංකුවේ ටෙලර් කවුන්ටරය ඉදිරිපස පෝලිමේ සිටියි. එකවරම "අංකල්, අයින්වෙන්න" යයි කියමින් තරුණයෙකු ඔබ හා පෝලිමේ සිටින අනෙක් අය තල්ලු කරමින් පෝලිමේ ඉදිරපසටම ගොස් රුපියල් ලක්ෂයේ මුදල් නෝට්ටු මිටි විස්සක් කවුන්ටරය මත තබයි. වසර ගණනක් රජයේ සේවය කළ ඔබට මේ වසරේ නිවාස ණය පවා ගෙවා ගැනීමට නොහැකිවිය. ඔබ පැමිණියේ ඔබගේ දියණියගේ විවාහ මංගල්‍යයට දුකසේ ඉතිරිකළ මුදලින් කොටසක් අකමැත්තෙන් හෝ ලබාගැණීමට සිදුවී ඇති බැවිනි.
තරුණයාට වයස විස්සකට වැඩිවිය නොහකිය. මුදල් තැන්පත් කරන ඔහු, තමා සමග පැමිණි සුදු කමිස හැඳි හැඩිදැඩි ආරක්ෂකයින් දෙදෙනා සමග නික්මයයි. ලබන මස වියදම් පියවන්නේ කෙසේදැයි තැවෙන ඔබ, මොහු මේ රැස්කරන්නේ කාගේ මුදල්දැයි කල්පනා කරයි.
No comments:
Post a Comment